ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ රටේ හදිසි තත්වයක් ඇතිවූයේ නැත්නම්, ජනාධිපතිවරණයට අදාල දින වකවානු ගැන විග්‍රයක් කලහැක.
1981 අංක 15 දරන ජනාධිපතිවරණය පනතට අනුව,
* ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කල දින සිට දින 16කට අඩු, මාසයකට නොවැඩි දිනයක්, ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා කැඳවීමේ දිනය ලෙස නම් කල යුතුය.
* ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා කැඳවීමේ දිනයේ සිට මාසයකට නොඅඩු, මාස 2කට නොවැඩි දිනයක්, ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ලෙස නම් කල යුතුය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනයට අනුව, ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය වන්නේ, ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වූ දිනයේ සිට වසර 5ක් සම්පූර්ණ වන දිනට, ආපස්සට මාසයකට නොඅඩු, මාස 2කට නොවැඩි දිනයකදීය.
පෙර ජනාධිපතිවරණය පැවැත්වූයේ 2019 වසරේ නොවැම්බර් 16 වන දින වේ. මීලඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2024 වසරේ සැප්තැම්බර් 16 වන දිනත් ඔක්තෝබර් 16 වන දිනත් අතර දිනකදී ය.
ඉහත ජනාධිපතිවරණය පැවැත්වීමට ඇති දුරම දිනය වන ඔක්තෝම්බර් 16 වනදා සලකා බැලුවොත්, නාමයෝජනා කැඳවිය හැකි දුරම දිනය ලෙස, ඊට මාසයකට පෙර එලඹෙන සැප්තැම්බර් 16 වනදා ලෙස දැක්විය හැක. ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි ලඟම දිනය වන සැප්තැම්බර් 16 සලකා බැලුවොත්, නාමයෝජනා කැඳවිය හැකි ළඟම දිනය ලෙස, ඊට මාස 2කට පෙර එලඹෙන ජූලි මස 16 වනදා දැක්විය හැක. එනම් 2024 වසරේ ජූලි මස 16 හා සැප්තැම්බර් මස 16 දක්වා ඇති මාස 2ක, කාලය තුලදී ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා කැඳවියයුතු වේ.
ඉහත ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා කැඳවීමට ඇති දුරම දිනය වන සැප්තැම්බර් 16 වන දිනය සලකා බැලුවොත්, ජනාධිපතිවරණයට අදාල ගැසට් නිවේදනය නිකුත්කල හැකි දුරම දිනය ලෙස, ඊට දින 16කට පෙර එලඹෙන අගෝස්තු 31 වනදා ලෙස දැක්විය හැක. ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා කැඳවීමට ඇති ලඟම දිනය වන ජූලි 16 වනදා සලකා බැලුවොත්, ජනාධිපතිවරණයට අදාල ගැසට් නිවේදනය නිකුත්කල හැකි ළඟම දිනය ලෙස, ඊට මාසයකට පෙර එලඹෙන ජුනි මස 16 වනදා දැක්විය හැක. එනම් ජුනි මස 16 වනදා සිට අගෝස්තු 31 වන දින දක්වා දිනකදී ජනාධිපතිවරණයට අදාල ගැසට් නිවේදනය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කල යුතුය.
- යෙනුක සිසිල්චන්ද්‍ර



0 Comments