බද්ද වැඩි කරන්න පෙර ආනයනකරුවෙක් ශත 25 බද්දට සීනි ටොන් 8000ක් ගෙනැල්ලා…

 




ආනයනික සීනි කිලෝවක් සඳහා පැවැති සත 25 ක ආනයන බද්ද අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 50 ක් දක්වා වැඩි කර තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම බද්ද ඉහළ නංවා ඇති බව සීනි ආනයනකරුවන් කියාසිටී.

මේ සමඟම සිදු සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 රුපියල් 300-325 දක්වා වැඩි වනු ඇති බව ද ආනයනකරුවන් කියා සිටිති.

මේ අතර පිටකොටුව තොග වෙළෙඳ පොළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සීනි බද්ද වැඩි කිරීමට දින දෙකකට පමණ පෙර ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවකු විසින් සීනි මෙට්‍රික් ටොන් 8000ක් සත 25 බද්ධ යටතේ ආනයන කර ඇති බවයි.

2020 වසරේ ඔක්තෝබර් මාසයේ සිට එවකට පැවති රජය විසින් රුපියල් පනහක් වූ සීනි ආනයන බද්ද 25 දක්වා අඩු කරනු ලැබිය.

ඒ හේතුවෙන් ගතවූ වසර තුනක කාලයේ දී රජයට රුපියල් කෝටි 10,000 කට වැඩි ආදායමක් අහිමි වී ඇති බවද වාර්තා වෙයි.

Post a Comment

0 Comments