පවතින අධික බදුබර,ණයබර හා ජීවනබර හේතුවෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් රැපි.20,000/ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකරන උද්ඝෝෂණ පීළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන රජයේ බදු ආදායමෙන් 72% ක් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට සිදුවී ඇති තත්වයක් තුල වැටුප් වැඩි කරන්නේ කෙසේද? කියා ආණ්ඩුවට පෙන්වාදෙන ලෙස රජයේ සේවකයන්ගෙන් තමා විමසන බව පැවසීය.තමන්ට චන්දය දුන් ජනතාවගෙන් මෙසේ විමසන්නේ තමන්ගේ හෘදසාක්ෂිය රනිල්ට විකුණපු නිසාද කියා තමන් විමසන බව වෘත්තීය සමිති නායකයෝ විමසති.එසේම දැනට බදු පැහැර හැර ඇති ධන කුවේරයන්ගෙන් ඒවා එකතු කරගතහොත් හා සුපිරි පැලැන්තියට ලබා දී ඇති බදු සහන ඉවත්කර ගතහොත් වැටුප් වැඩිවීම ලේසියෙන් ලබාදිය හැකි බවත්,ඒ ගැන නොපවසා බන්දුල අන්දන්න හදන්නේ කාවද කියා විමසන බව පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන වෘත්තීය සමිති නායකයන් පවසන්නේ තුන් වේලම ජනතාවගේ බදුමුදල් වලින් කමින්,රට සවාරි යමින් ,ජනතාවගෙන්ම එකතුකරගත් බදු මුදල් පිල්ලි ගසන ආණ්ඩුවේ මැති ඇමතිලා ,වැටුප් වැඩිකරන හැටි සේවකයන්ට පෙන්වා දෙන ලෙස පවසන්නේ කටින්ද,නැත්නම් පිටුපස්සෙන්ද කියා විමසන බවත්,උඹලාට වැටුප් ඇතුලු ජනතා සහන ජනතාවට ලබා දෙන්න බැරිනම් පාර්ලිමේන්තුවට රිංගුවේ මොකටද කියා විමසන බවත් ඔවුන් කීහ.
කැබිනට් ප්‍රකාශක එසේ පවසන විට ජනාධිපති,මුදල් ඇමති පවසන්නේ මෙවර අයවැයෙන් සේවක වැටුප් වැඩිකරන බවය.වැට් බද්ද 18%දක්වා නැවත වැඩිකළ බව බන්දුල මේ අතර පැවසීය.එහි ප්‍රතිඵලය තවත් බඩුමිළ ඉහළ යාමය.
කෙසේ වුවද මෙම පාලකයන්ගේ බොරු පොරොන්දු වලට දැන් ජනතාව රැවටෙන්නේ නැති බවත්,උසුළාගත නොහැකි ජීවන බරට විරුද්ධව සතර දෙසින් නැගෙන ජනතා විරෝධය මේ පාලකයන් පලවා හැරීම දක්වා ගමන් කරනු ඇතැයි වෘ.ස.නායකයෝ පවසති.
0 Comments