ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට යළිත් දසුන් ශානක කැඳවිය යුතු බවට සමාජ ජාලවල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
ඊයේ දිනයේ ඉන්දියානු කණ්ඩායම හමුවේ ලද දරුණු පරාජය පරාජයෙන් විනාඩි කිහිපයකට පසුව මෙම සටහන් පල කිරීම ආරම්භ කර ඇත.
ඒවායේ පෙන්වා දී ඇත්තේ දසුන් ශානක ලකුණු ලබා ගැනීම මඳක් පසුබා තිබුනත් නායකයෙක් ලෙස ඔහු සාර්ථක සහ වාසනාවන්ත නායකයෙකු බවයි.
ඒ නිසා ඔහුට නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාර දිය යුතු බවද එම සටහන් තබන්නන් කියති.
ලෝක කුසලාන තරගාවලිය අතරතුරුදී ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමි විය.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ක‍්‍රීඩකයෙකු ලෙස දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කළේය.
0 Comments