යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකුට සුලු තුවාල සිදුව ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
කොඩිකාමම් ප්‍රදේශයේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී එකවරම මාර්ගයෙන් ඉවතට පැන බස්රථය අනෙක් අතට පෙරලී ගොස් තිබුණි.
බස් රථය පෙරලී යන අවස්ථාවේදී බස්රථයේ මගීන් 10 කටත් අඩු ප්‍රමාණයක් සිටීම හේතුවෙන් හානිය අවම වී ඇති අතර එහිදී බස්රථයේ රියදුරු ඇතුලු මගීන් සිව් දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ පැවති වර්ෂාවත් සමග බස්රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් රියදුරුට බස්රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට සැක පලකරන බවටය.
0 Comments