ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දෙදරයි.. දරුණු පරාජය ගැන නිදහසට කරුණු විමසයි..

 

ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජය පිළිබඳව කරුණු විමසීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

ඉන්දියාව සමග වූ තරගයට කණ්ඩායම නම් කළ පදනම කුමක් ද යන්න මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇත.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ දනන්ජය සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කැදවීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවය.

එමෙන්ම අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ඉතා දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව කරුණු විමසීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Post a Comment

0 Comments