ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ස්ථානය හා නෙදර්ලන්තය අතර පැවැති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරදා කඩුලූ 7 ක පහසු ජයක් ඇෆ්ගනිස්ථානය විසින් අද ලබා ගත්තේය.
තරගයේ මුලින් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමක් පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානය කඩුලු 3ක් දැවී පන්දුවාර 31.3කදී එම ඉලක්කය පසු කර ජයග්‍රහණය ලබා ගන්නා ලදී.
මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු අටක් ලබාගෙන පස් වන ස්ථානය දක්වා පැමිණ ඇත.
ඒ සමගම දැනට මෙම ලැයිස්තුවේ හත්වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසුම සඳහා ඇති ඉඩකඩ ඉතාම සීමාසහිත වී ඇත.
අවසන් පූර්ව වටයට යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරග දෙකම ඉතා විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා වැඩි පරතරයකින් ජයග්‍රහණය කර ලකුණු ලබාගැනීමේ වේගය ද ඉහළම තැනකට ගෙන ආ යුතුය.
ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා නවසීලන්තය ඉදිරි තරගවලදී ශ‍්‍රී ලංකා ප්‍රසාද ලකුණු මට්ටම නොඉක්මවිය යුතු අතර දල ලකුණු වේගයද ශ්‍රී ලංකාවට වඩා අඩු විය යුතුය.
0 Comments