ගොවියන් එක් කරගෙන දැවැන්ත සටනක් කරනවා..

 

නුවරඑළිය අහිංසක උඩරට ගොවීන්ගේ දහදිය මහන්සිය සූරා කාලා නිෂ්පාදන සඳහා නියමිත මිලක් ලබාගත නොහැකිව අන්ත අසරණ කිරිමට විරුද්ධව පෙළගැසිය යුතු බවත්, ගොවි හඬට සවන් නැති රටේ හිතුමතේ වැඩ කරනවා නම් ගොවියන් එක පෙළට එක් වී දැවැන්ත සටනක් සිදු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසිය.

නාමල් කරුණාරත්න මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය කදපොළ, නුවරඑළිය වත්ත හා මීපිළිමාන යන ගම්මානවල ගොවි සමිති සාමාජිකයන් ගොවි ගැටලු සම්බන්ධව සොයා බැලීමට ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවට හා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුව හමුවකදිය.

වැඩිදුර අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ,

වර්තමානය වන විට නුවරඑළියේ එළවළු ගොවියන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේදී මුළුමනින්ම මිල තීරණය කරන්නේ එළවළු කඩ කරන මුදලාලිලා හැරෙන්න ගොවියා නෙමෙයි.

මේ ක්‍රමය වෙනස් වෙලා ගොවිතැන සඳහා සම්පූර්ණ යන වියදම දන්න ගොවියා විසින් මිළ තීරනය කරන අන්දමේ වෙනසක් ඇති කළ යුතුයි.

දැන් ලංකාවට එන බීජ වර්ග සහ බෙහෙත් හේත් වල නියමිත ප්‍රමිතියක් නැහැ මේවට කරන වියදම් අහස උසට තියෙනවා ඒත් ප්‍රතිඵල ලබා ගන්න බොහොම අමාරුයි ,

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය මිල දර්ශකයේ දාන මිලට ගොවියාගේ එළවළු ගන්නේ නැහැ මොනාහරි හේතු කියලා හෙට්ටු කරනවා.

අවසානයේදී ගොවියාට නිෂ්පාදන මුදලක් ලබාගන්න බැරි තත්ත්වයක් වර්තමානයේ දී උදාවෙලා තියෙන්නේ.

මැති ඇමතිවරුත් එක්ක සම්බන්ධ වෙලා නුවරඑළි වගා කරන මුදලාලිලට අවශ්‍ය කරන පොහොර බෙහෙත් ඕන වෙලාවකට තියෙනවා කලින්ම ඒවා අරන් ගබඩා කරගෙන අවුරුදු ගානක් පාවිච්චි කරනවා.

ඒත් අහිංසක ගොවියාට එදා පවතින මිලට තමයි ගන්න වෙලා තියෙන්නේ උදාහරණයක් හැටියට කියනවා නම් කැරට් බීජ කිලෝ 1 මිල ලක්ෂ එකහමාරක ටත් වැඩි වීම අද පොහොර මිටියක් ගද්දි රුපියල් 9000 ක සිට 12000 දහසක් දක්වා යනවා.

වගාවට කොච්චර වියදම් කරනවද පඩි නඩි  කීයක් ගෙවනවද කන්න බොන්න කොච්චරක් වියදම් කරනවද කියලා හරියටම දන්නේ ගොවියෝ ගොවියන්ගේ සංවිධානයක් හරහා මිල තීරණය කළ හැකියි මිලට ව්‍යාපාරි කර ලබා ලබාදීමේ ක්‍රමවේදය රජය මැදිහත්වෙලා කරන්න අවශ්‍යයි.

රජයේ එසේ කරන්නේ නැත්නම් රජය වෙනස් කරපු මේ දේ අපිට කරන්න වෙනවා යනුවෙන් පැවසිය.

Post a Comment

0 Comments