ලංකාව ලගින් යන නැවු වලින් සල්ලි ගන්න යයි..

 

රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ වන විට පවතින නාවික සිතියම් නාරා ආයතනය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමකට අනුව බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන බවත්, එම නිසා ඉදිරියේදී විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට භාරදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Post a Comment

0 Comments