කුමාර ධර්මසේනගෙන් පොලිසිය දීර්ඝ ප‍්‍රශ්ණ කිරීමක..

 

ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා ගෙන් දීර්ඝ පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

කොළඹ නගරයේ පිහිටි වටිනා ඉඩමක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුලක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයක් පමණ වන මෙම ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කුමාර ධර්මසේන, ඔහුගේ බිරිඳ, ඔහු සභාපතිත්වය පින්තැන්න ප්ලාන්ටේෂන් සමාගමේ දොළොස් දෙනකුගේ දිවුරුම් ප්‍රකාශයන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

Post a Comment

0 Comments