අපේක්ෂකයන් සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනස් කර, සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන, අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගත වන, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වා දීමට සියලු දෙනා එක්වන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අවුරුද්දට තුන් වරක් ඡන්ද හිමි නාම ලේඛනය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව සම්මත කරදුන් බවත්, ඒ අනුව කුමන ඡන්දයක් ගැන කතා කළද වලංගු වන්නේ එම නවතම ඡන්ද ලේඛනය බවද, එය ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
“ගරු කතානායකතුමනි, ඉතාම වැදගත්ම වැය ශීර්ෂ 33ක් අද සාකච්ඡා වෙන අවස්ථාව. විශේෂයෙන් ගරු කථානායකතුමාට පළමුවෙන්ම මම අග්‍රාමාත්‍යතුමා හැටියට ස්තුතිවන්ත වෙනවා, මේ කාලසීමාව තුළ පාර්ලිමේන්තු කටයුතුවලට නායකත්වය දෙමින් ලබාදුන් සහයෝගය. ඒ වගේම පාර්ලිමේන්තුවේ සියලු ප්‍රධාන නිලධාරීන්ට, වැඩබලන නිලධාරීන්, ඒ වාගේම අපේ මහ ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාටත්, අදාළ කාරක සභාවල් සියල්ලට ස්තූතිවන්ත වෙන්න ඕනේ.
ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අග්‍රාමාත්‍ය හා උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිසන් සභා සියල්ලත් අද දින අපි වැය ශීර්ෂ අනුමත කරන අවස්ථාව තමයි මේ අපි විවාදයට ලක් වෙලා තිබෙන්නේ. නමුත් අපේ කාලේ සම්පූර්ණයෙන් ම ඒ විවාද විෂයන්ගෙන් බාහිරව වෙනත් විෂයයන්ට යොමු කරනවා.
පසුගිය කාලයේ ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය කාර්යාලය විශාල දායකත්වයක් මේ ගත්තු අමාරු කාල සීමාවේ ජනාධිපතිතුමන් සමග ඉටුකර තිබෙනවා. අපි මුහුණ දුන්නු, භාරගත්ත ආණ්ඩුව භාරගත දවස් හා මුහුණ දුන්නු දවස් ක්‍රමානුකූලව සතුටු දායක වුණාම අපට අමතක වෙනවා. ඒක මිනිස් ස්වභාවයයි. මිනිස් සභාවේ ලක්ෂණය තමයි එක ගරු කථානායකතුමනි. ඔබතුමාට මතකයි ජනාධිපතිතුමාත් සිහිපත් කරා. ඔබතුමාට මතකයි ඔබතුමාගේ නිවස ඉදිරියේ තව විනාඩි කිහිපයක් තමන් හිටියානම් සිදුවෙන්නට ගියපු භයානක විනාශය. ඒ වෙලාවේ ඔබතුමා පාර්ලිමේන්තු ක්‍රමය පැත්තේ ඉඳගෙන අවශ්‍ය සහයෝගය ජනාධිපතිතුමා එවකට අග්‍රාමාත්‍යතුමා හැටියට ලබා ගත් පියවර නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී, ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අපිට වැඩි ඡන්දෙන් පත් කරගන්නට පුළුවන්කම ලැබුණා.
ඒ නිසා, එයින් පස්සේ අමාරුම ආර්ථික තත්ත්වය ලිහිල් කර ගනිමින් වර්ධනයට පරිවර්තනය වී තිබෙන බව ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා. වර්ධනයෙන් එහාට ගමන් කරවීම සඳහා වූ ආර්ථික ප්‍රගතියකට ගමන් කරන්නටයි මේ අයවැය ලේඛනය හා වැය ශීර්ෂ සියල්ල සම්මත වන්නේ. මේ වැය ශීර්ෂ සැමකින්ම යළි ඵලදායි ප්‍රයෝජනයක් හැටියට පත්කර ගත හැකි මේ ආයතන සියල්ලට ම බලපාන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා හැටියට මම සඳහන් කරන්නට කැමැතියි, රාජ්‍ය සේවකයින්, යළිත් මම සඳහන් කරනවා වෙනත් රටවල්වල මෙවැනි අර්බුදකාරී වෙලාවක වැටුප් බාගෙට අඩු කරා. සේවාවෙන් දහස් ගණනක් අස් කළා. ඒ සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම රැකියාව ආරක්ෂා කරගෙන අද දින වෙනකොට මේ අයවැය ලේඛනය මගින් තවත් අතිරේක රු.10,000ක ජීවන වියදම් දීමනාවකින් වැඩි කිරීමත්, විශ්‍රාමික සියලු දෙනාත්, ඒ වගේම විවිධ ගැටලුවලට මුහුණ දෙන ජනතා කොටස් වලට අපි සහනය දීලා තිබෙනවා. ඒ නිසා ඒක අගය කරමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
ඒ වගේම අපි විවේචනයට භාජනය නොවී, මට මැතිවරණ කොමිසම මේ කතාව කියපු නිසා එවැනි එක වචන කීපයක් මම සඳහන් කරන්න කැමැතියි. 2023 ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් 30 වන දින මැතිවරණ කොමිසම විසින් සහතික කර ඇත. ඉතාම වැදගත්. මා හිතන්නේ මන්ත්‍රීවරු කිසිවක් මේ අද කතා කරන ඡන්ද ගැන කතා කරන කිසිවෙකු මේකේ අර්ථය ගැඹුරින් නොදැන තමයි කතා කළේ. ඒ නිසා එහි ගැඹුර කුමක්ද කියලා ඒ කතා කරපු මන්ත්‍රීවරු යළි යළි මැතිවරණ ඡන්ද නීති ක්‍රමය දිහා බලනවා නම් හොඳයි.
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය පසුගිය අවුරුද්ද තුළ වැය කිරීම අපි වේගවත්ව අඩු කර තිබෙනවා. මම ඒ පිළිබඳව කියන්න කාලය ගන්නේ නෑ. මම එය ලේඛනගත කරනවා. මුළු රටේම මේ ආකාරවලින් සෑම දෙපාර්තමේන්තුවක්ම දරපු උත්සාහය අපි සාර්ථක කරගන්නට පුළුවන් වුණොත්, මේ අපි මූණ දුන්නු අර්බුදයෙන් එහාට වඩාත් ගෞරවාන්විතව අනාගතය සකස් කරගන්නට පුළුවන්. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු අයවැය ලේඛනය සාර්ථක කරගන්න සහයෝගය, ක්‍රියාත්මව ඇති කරන්න පුළුවන් සහයෝගය දුන්නොත් රට විශ්වාසනීය අනාගතයකට ගෙන යන්න පුළුවන්.
මට පෙර කතා කරපු කන්ද උඩරට මන්ත්‍රීතුමාට මම මතක් කරන්න කැමතියි, මේ අයවැය ලේඛනයේ ජනාධිපතිතුමාගේ කතාවේ සුවිශේෂව කන්ද උඩරට ගැන කතා කළා. සුදු ආණ්ඩුව ආවට පස්සේ මංකොල්ල කාපු අක්කර ලක්ෂ ගාණ ගැන කතා කළා. ඒ පනත වෙනස් කරන්න එකඟතාවය ප්‍රකාශ කර තිබෙනවා මේ අයවැය ලේඛනයේ. එහි ප්‍රයෝජනය ගන්න ඕනේ කන්ද උඩරට ගම්බද ජනතාවයි. ඒ ගම්බද ජනතාව වෙනුවෙන් මේ ක්‍රමවේදය සකස් කිරීමටතඑ, ජාතික වශයෙන් එකඟ වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට අපි එකට වැඩ කරමු කියන ටික මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ විවිධ යෝජනා අතර.
පාර්ලිමේන්තුවට මේ හිමි ශක්තිය පවරා දීලා තිබෙනවා 21 වන වගන්තිය යටතේ. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන්, ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනවා. ගන්න පුළුවන් ප්‍රගතිය ඉදිරි පියවරවල් රාශියක් අරගෙන කොමිෂන් සභාව පත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ වැඩපිළිවෙළ ඉදිරියට සාර්ථක කරගන්නට තවත් සහයෝගය ඒ සෑම අංශයකින්ම ලැබෙනු ඇතැයි කියලා. එසේ සඳහන් කරමින් අද මේ ඉදිරිපත් කරන වැය ශීර්ෂ 33 අනුමත කර ගැනීම සඳහා සෑමදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.”

0 Comments