එලවන්න පෙර වහා ඉල්ලා අස්වනු..- ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ක‍්‍රිකට් ආයතනයට දැනුම් දෙයි…

 

සුදුස්සාට සුදුසු තැන දී ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් නොවී බහිරවයන් සේ නො සිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වන ලෙස ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියළු ප්‍රදානීන්ට ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා දැනුම් දෙයි.

වත්මන් විධායක කමිටුව හා තේරීම් කමිටුව හැසිරීම් අනුව 2040දී හෝ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තත්ත්වයක සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දිගින් දිගටම ලැබෙන පරාජයන් හමුවේ ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාම දැඩි කනගාටුවටත් කනස්සල්ලට පත්ව සිටින බවද අමාත්‍යරයා පෙන්වා දෙයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Post a Comment

0 Comments