බහුදින යාත්‍රාවක ප‍්‍රධානි වශයෙන් කටයුතු කරමින් මහා පරිමානයේ හෙරොයින් ජාවාරමේ නිරත විම හා ඉට අනුබල දීම යන චෝදනා යටතේ චීවරධාරියෙකු, කාන්තාවක් සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) ඇතුළු සිව් (04) දෙනෙකු අද (01) සවස ගාල්ල, තවලම පිහිටි ඕපාත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෙට (02) ගාල්ල, උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 45/10, සුභද්‍රාරාම පාර, බළපිටිය ලිපිනයේ පදිංචි කළුදුර චමින්ද තාබ්‍රේව් (43) නොහොත් බළපිටියේ බොබ්මාලි, නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන සිව් දෙනාය.
සැකකරුවන් ඉහත සිව්වන (04) සැකකරු වන වීරපානේ සීලසුමන හිමියන්ගේ ගිහිකල නිවසේ රැදී සිටියදී ලද තොරතුරක් මත ඔපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දහවල් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පලාගොස් තිබේ. පසුව පොලීසිය විසින් ඔවුන් ලුහුබැද ගොස් වීරපාන, ඕපාත කදු සහිත කැබෑබද ප්‍රදේශයකදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහි පළමු සැකකරු 2021 අගෝස්තු 31 දින පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි. ඔහු සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් වූ නඩුව කොළඔ, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බී – 55635/1 යටතේ විභාග වෙමින් තිබෙන බවද ඕපාත පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම සැකකරුවන් මෑතකදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද මහා පරිමාන හෙරෙයින් ජාවාරමට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
0 Comments