ජනාධිපති කියන්නේ බොරු! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි .......



 අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිය නම භාවිතා කරමින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය face book ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත .

ගෙවුණු මැයි 9වෙනිදාට පෙර තමන්ට අගමැතිවරයා  වීමට බලාපොරොත්තුවක් තිබූ බව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවයි ඔහු සඳහන් කර ඇත්තේ .

අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මෙම සාවද්‍ය ප්‍රකාශය සිදු කරන්නේ තමන්ට එයට ප්‍රතිචාර දක්වන්නට නොහැකි ලෙස පාර්ලිමේන්තු මුක්තියට මුවාවී බවද,ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම පණිවිඩය හරහා සිහිපත් කර ඇත .2022 මැයි මස නීතිඥ  සංගමය සිදුකළ යෝජනා කිසිසේත්ම පුද්ගලික යෝජනා නොවන බවද,ඔහු අවධාරණය කරයි.නීතිඥ  ප්‍රජාව මෙම යොජනා ගෙන ආවේ දේශපාලන හා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඇතිවූ අර්බූද සඳහා විසඳුම් ගෙන ඒමේ අරමුණින් බවද ඔහු සිය face book ගිණුම හරහා  අවධාරණය කර ඇත. 

Post a Comment

0 Comments