ගාසා තීරයේ වෙසෙන පලස්තීන සිවිල් ජනතාවට ප්‍රහාර එල්ල කිරීම සහ ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය මූලධර්ම උල්ලංඝනය කරමින් ගාසා තීරයේ කොටුවී සිටින ජනතාවට ආහාර ,ජලය ,ඖෂධ සහ ඉන්ධන ඇතුළු මූලික ජීවන අවශ්‍යතා ලබාගැනීමට ඇති අයිතියට බාධා එල්ල කිරීම ඔස්සේ ඊශ්‍රායල් ආණ්ඩුව මහා ජන සංහාරයකට සූදානම් වන බවත්,ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරේ පූර්ණ ආශිර්වාදය ,ආරක්ෂාව යටතේ සිදු කරන මෙම නිහීන ක්‍රියාව වැලැක්වීමට පියවර ගැනීම ලොව පුරා වෙසෙන වැඩකරන පංතිය හමුවේ ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් ,සමසමාජය පුවත්පත වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ධනවාදී කඳවුරේ පැවැත්මට අභියෝගයක් වන පීඩිත ජන කොටස් ලෝකයෙන් අතුගා දමන්නට වාර්ගික ගැටුම් ඇති කරමින් ,ඒවා පෝෂණය කරමින් කටයුතු කරන සියලු අධිරාජ්‍යවාදී බළමුළු වලට සමසමාජය එරෙහි වන බවත් ,තම වුවමනාවන් ජනතා ලෙයින් මුදුන්පත් කරගැනීමට අධිරාජ්‍යවාදීන් ගන්නා සියලු උත්සාහයන් වහා අකුලා ගන්නා ලෙසට ලොවපුරා වෙසෙන වැඩකරන ජනතාව සමග එක්ව බල කරමු යැයි අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

0 Comments