ලක්මව වැදූ අයෝමය කතගෙන් ඉතිහාසගත ජයග්‍රහණයක්...


 

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය තුල, අප කණ්ඩායමේ පසුබෑම හමුවේ, කලකිරී සිටින ක්‍රීඩාලෝලීන්ට ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාදීමට, ලක්මව වැදූ අයෝමය කතකට හැකියාව හිමිවී තිබේ. 

2023 ඇමේචර් ඔලිම්පියා (2023 Amateur Olympia) කායවර්ධන තරඟාවලියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 02 වන තෙක් පැවති අතර, ශ්‍රී ලාංකික කායවර්ධන ශූරියක් වන දිල්රුක්ෂි ආරච්චිගේ විසින්, වයස 35ට වැඩි, Bikini කාන්තා තරඟයේ තෙවනි ස්ථානයත්, සමස්ත තරඟාවලියේ B පංතියේ 2 වන ස්ථානයත්, දිනාගැනීමට සමත් උනා.

කිරිබත්ගොඩ මාකොල, රත්නපාල ආරච්චිගේ හා ශ්‍රියා කුසුමලතා යන අයට දාව උපන් දිල්රුක්ෂි, සයදරු පවුලක දෙවැනියා විය. සිය වැඩිමහල් සොයුරු කීර්ති ආරච්චිගේගේ අඩිපාරේ යමින්, කායවර්ධනය ක්‍රීඩාව කුඩාකල සිට තෝරාගත් ඇය, 2002 වර්ෂයේදී එක්සත් ජනපදයට ගොස් ඇත්තේ ක්‍රීඩාවෙන් ඉදිරියට යෑම අරමුණු කරගෙනය. එක් දරු මවක් වන දිල්රුක්ෂි මෙම ජයග්‍රහණයට පෙරත් ජාත්‍යන්තර ජයග්‍රහණය රැසක් ලබාගෙන, ලක් නාමය ජාත්‍යන්තරයේ බැබලවීමට සමත් විය. 

මලල ක්‍රීඩකයින්ට ඔලිම්පික් ලෙස කායවර්ධන ක්‍රීඩකයින්ට ඇති ඔලිම්පියා තරඟාවලියේ ලද මෙම ජය, සුසන්තිකා ජයසිංහ 2000 වසරේදී ලද රිදී පදක්කමට නොදෙවෙනි විජයග්‍රහණයකි. 

යෙනුක සිසිල්චන්ද්‍ර

ජයග්‍රහණය සටහන : https://barbend.com/2023-amateur-olympia-results/





Post a Comment

0 Comments