විදුලිබිල,ජලබිල,බඩුමිළ වැඩිවීමට ,හා බදුබර, ජීවන වියදම් බර,ලාභලබන රාජ්‍ය
ආයතන හා ජාතික සම්පත් විකිණීමට,හේතුවී ඇත්තේ IMF කොන්දේසි ක්‍රියාවට නැගීම නිසා බව දැන් කාටත් පැහැදිළිය.
එසේ තිබියදී සජිත්ගේ ආර්ථික ඔස්තාර්ලා වන ඉරාන් වික්‍රමරත්න,හර්ෂ ද සිල්වා ඇතුලු නඩය තවමත් කියන්නේ ආර්ථික අර්බූදයෙන් ගොඩඒමට ඇති එකම විකල්පය IMF යාම බවත්,IMF යන්න කියා මුලින්ම කිව්වේ සජබ බවත්ය.
ඒ අතර අද දිනමිණට ප්‍රකාශයක් කරමින් එරාන් වික්‍රමරත්න පවසන්නේ මෙතරම් රාජ්‍ය සේවයක් තබා ගෙන පඩි වැඩිකළොත් රාජ්‍ය සේවය සීමා කිරීමට සිදුවන බවයි.රාජ්‍ය සේවය හැකිලීමද IMF කොන්දේසියකි.මේ
අනුව බලය ඉල්ලන එරාන්ලාද සිදුකරන්න යන්නේ රනිල් කරනදේම නම්
සජිත් සමඟ පෙරමුණු ගැසීමට කථා කරන අය ජනතාව නැවත අමාරුවේ නොවැටෙන බවට දෙන සහතිකය මොකක්ද.
එබැවින් කළ යුත්තේ රනිල් පොහොට්ටු,සජිත්ලාගේ මෙම දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ගයන් පරාජය කිරීම සඳහා එකතු කළ හැකි,එකතු විය යුතු සියලු වාමාංශික හා ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ ,සංවිධාන එක පෙරමුණකට ගෙන ඒම නොවේද?නැතහොත් රටට කරන මේ විනාශයේ වගකීම ඔවුන්ද භාරගත යුතුය....
0 Comments