වැට් බද්දෙන් තේ නිෂ්පාදන වියදම ඉහලට.. වතු කම්කරු අදායම පහලට..

 

වතුකරයේ සහ ග්‍රාමිය ප්‍රදේශවල පදිංචි තරුණියන් 25 දෙනෙකුට වතු ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර නිලධාරි තනතුරු වල සේවය කිරිම සදහා පත්විම් ලිපි ලබාදිම (27) දින තලවකැලේ වැවිලි සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරේ මහතාගේ ප්‍රධානත්වයෙන් නානුඔය රදැල්ල වතු පාලකයින්ගේ සමාජ ශාලාවේදි සිදු කෙරිණ.

එම වතු සමාගමට අයත් තේ වතු වල සේවය කල වතු කරුවන්ගේ සහ අවට ගම්මාන වල පදිංචිකරුවන්ගේ අධ්‍යාපනය අවසන් කල තරුණියන් 450 දෙනෙකු සම්මුඛ පරික්ෂණයට ලක් කර ඉන් තොරාගත් තරුණියන් 25 දෙනෙකු තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සහ ඒ වතු සමාගම යටතේ පාලනය වන වතු 16 ක තේ වගාව පිලිබද මාස හයක පුහුණු පාඨමාලාවක් පවත්වා ඉන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරි පත්විම් ලබාදෙනු ලැබුහ.

පත්විම් ලැබු නව ක්ෂෙත්‍ර නිලධාරින් (27) දින සිට තලවකැලේ වැවිලි සමාගම යටතේ පාලනය වන වතු 16 පවතින ක්ෂෙත්‍ර නිලධාරි තනතුරු සදහා යොමු කල බවත්, ඔවුන් එම වතුයායේ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් වශයෙන් කටයුතු කරන බවත්, එම තනතුරු වලට කාන්තාවන් බදවාගත් පළමු අවස්තාව මෙය බවයි එම වතු සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.

මෙම පත්විම් ප්‍රධානයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු එම වතු සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ 2024 අයවැයෙන් වැට් බද්ධ 18% කින් වැඩි කිරිම නිසා තේ වතු පවත්වාගෙන යාමට ගැටළු රැසක් මතු වි ඇති බවයි.

වැට් බද්ධ වැඩි කිරිම නිසා තේ නිෂ්පාදන වියදම ඉහල යන බවත්, ඒ තුලින් වතු කම්කරුවන්ට ලැබෙන අදායමේද අඩුවක් විය හැකි බවයි.

මෙම පත්විම් ලිපි ලබාදිමේ අවස්තාවට එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සේනක අලවත්තේගම මහතා ඇතුළු එම සමාගමේ වතු 16 ක වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් විශාල පිරිසක් සහභාගි විය.

Post a Comment

0 Comments