හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මියද ආරක්ශක ලේකම් ,විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ එම මහත්මියද 25දහවල් අහුන්ගල්ල ශ්රී පුලිනතලාරාම විහාරස්තානයේ පැවති දානමය පිංකමට සහභාගී වීමට පැමිණියහ.
විහාරාධිපති වැලිතර අමරනන්ද නාහිමියන්ගේ ජන්ම දිනය හා විහාරස්ථ කඨින පූජාව නිමිත්තෙන් මෙම පිංකම පැවැත්විනි.
ව්හාරාධිපති නාහිමියන්ට පිරිකර පූජාකර උපන් දිනයට සුභ පැතූ ගෝඨාභය මහතා රැස්ව සිටි පිරිස් වෙතද ආචාර කරමින් පැයකට අධික කාලයක් විහාරස්ථානයේ ගත කර ආපසු පිටත්විය.
ගෝඨාභය මහතා පැමිනීමට පෙර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ එම මහත්මියද
නාහිමියන්ට උපන් දිනයට සුභ පැතීමට විහාරස්ථානයට පැමින සිටියහ.

0 Comments