මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝග දෙකක් !



දැනට සිංගප්පූරුවට පලා ගොස් සිටින  හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට විරුද්ධව  මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විභාග වූ නඩුවෙන් මුදාහරින ලෙස කොළඹ ස්ථිර ත්‍රීපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක්  නිකුත් කළ අතර,මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවද අත්හිටුවමින් තවත් අතුරු නියෝගයක් ද ලබා දී ඇත .

     නීතිපතිතුමා ගොනු කොට තිබූ විශේෂ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝග නිකුත් කර ඇත .

Post a Comment

0 Comments