අනර්ඝ වෙන්දේසියක්...!

 


IMF කොන්දේසි අනුව පහත සඳහන් ලාභ ලබන ආයතන ලංකා වෙන්දේසි අංගනයේදී කුණු කොල්ලයට විකුණනු ලැබේ.

වෙන්දේසි කරනු ලබන ආයතන.


1.ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස්(ඇපලෝ රෝහල) කැබිනට් අනුමතිය ලැබී ඇත .

ටෙලිකොම් ලාභය 2021රු.බිලියන 12,යි.2022 ලාභය රු.බිලියන 10යි.

ලංකා හොස්පිටල්ස් ලාභය 

2021රු.බිලියන 2.23, යි. 2022 රු .බිලියන 3.2යි

2.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව .විකිණීමට 

ලිට්‍රෝ ගෑස්,ශ්‍රී ලංකා කේටර්ස්,හිල්ටන් හෝ⁣ටලය,වෝටර්ස් ඒජ්,සීනි සමාගම, මේවා සියල්ල විකිණීමට ඇති  ලාභ ලබන ආයතන බව සලකන්න .

විශේෂ දැනුම්දීමයි..

------------------------------=

ලංකා රජයේ දේපළ ඉතා කුණු කොල්ලය⁣ට විකිණීම පිළිබඳ ඉතා අපකීර්තිමත් ඉතිහාසයක් අප සමාගමට ඇති බව සලකන්න .අපගේ මව් සමාගම වන JR සමාගම විසින් ආරම්භ කළ විකිණීමේ සංස්කෘතිය විකුණුම් සිංහ නමැති අප සමාගම ද ආරම්භ කළ බව සතුටින් දැනුම් දෙමි.

එදා මාමාගේ JR සමාගම විසින් විකුණා දැමූ වැදගත් ආයතන කීපයක නම් විශ්වාසය තහවුරු කිරීම පිණිස මෙම දැන්වීමේද සටහන් කරමි.

මේවා සියල්ල සංස්ථාය.

පිඟන් ,ලංකා සම්භාණ්ඩ,ලංකා සීනි සමාගම ,ජාතික පේෂකර්ම,ලංකා තුනීලෑලි,ලංකා සිමෙන්ති ,කැළණි ටයර්,ලංකා වානේ ඒවා සේරම වික්කෙ තුට්ටු දෙකට.සමහර ගජමිතුරන්ට ඉඩම් වික්කෙ පර්චස් එක රුපියලටත් අඩුවෙන්.හොදේ.මේ පහත ඒවාටත් කැබිනට් අනුමතිය හමුවුනා.

තව පෙට්‍රල් ෂෙඩ් 200 ක් ඇමරිකානු සමාගමට ඒවායින් 150 ක් ඛනිජ තෙල් සංස්ථාවෙ,ඉතිරි 50 අලුතින් (.already sold)

විදුලි බල මණ්ඩලය ටත් පනත්  කෙටුම්පතක් ගේන්න කැබිනට් අනුමතිය දුන්නා .

   විකුණුම් සිංහ සහ සමාගම ,එකම වෙන්දේසිකරු..ශ්‍රී ලංකාව

Post a Comment

0 Comments