ආර්ථික අර්බුදය මැද සීනි ජාවාරම නැවතත්.........

 


සීනි කිලෝ ග්‍රෑම් 1ක් සඳහා පැවති ශත 25 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ සිට රුපියල් 50/ දක්වා වැඩිකර ඇත.නව බද්දත් සමඟ සීනි කිලෝ ග්‍රෑම් එකක නව මිළ රුපි.310 දක්වා වැඩිවෙන බව පවසයි.

මෙම බද්ද වැඩි කිරීමට දින 6කට කලින් එක් ව්‍යාපාරිකයෙකු සීනි මෙට්ට්‍රික් ටොන් 18,000 ක් ආනයනය කර ඇති බවත්,මේ නිසා මෙම බද්ද  එම ආනයනකරුට බල නොපාන බවත් රේගුව පවසා ඇත. මෙසේ තව සතියකින් සීනි බද්ද රුපි. 50 දක්වා වැඩිකිරීමට යන බැවින් ශත 25 බද්ද යටතේ සීනි තොග ගෙනවිත් තබා ගන්නා ලෙස අදාල ආනයන කරුට පැවසුවේ කවුද?සහ එමගින් රටට අහිමි වූ බදු ආදායම කොපමණද යන්න අද අරුණ පුවත් පතද විමසා තිබුණි.

මෙම සීනි ජාවාරම රනිල්ගේ යහපාලනය කාලේ රවී කරුණානායක යටතේත්,ඝෝඨාභයගෙ කාලයේත්,දැන් නැවත රනිල් පොහොට්ටු කාලයේත් සිදුවන රටට ඉතා විශාල බදු මුදලක් අහිමි කරන එක් මහා පරිමාණ සීනි ජාවාරම්කරුවකුට කෝටි ගණන් ගසා කෑමට ඉඩදී ඇති මාෆියාවක් බව පෙනේ. එහෙත් සාමාන්‍ය ජනයාට කිසිම සහනයක් හෝ හවුහරනයක් නැත...

Post a Comment

0 Comments