අධ්‍යාපන අමාත්‍යතුමන් හා අදාළ අංශවල නිලධාරීන් සමග අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු පිළිබඳ ව අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 24 දින වනවිට එකඟ වූ විසඳුම් සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
එමෙන් ම අධ්‍යාපන අමාත්‍යතුමන් සහ ආණ්ඩුකාරවරුන් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.
ඒ අනුව තවදුරටත් පළාත් පදනමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු තිබේනම් පළාත් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසට සියලු ම අනධ්‍යයන වෘත්තීය සමිති මෙයින් දැනුවත් කෙරේ.

0 Comments