පොලිස්පතිට තව රී-ලෝඩ් එකක්.. සීඩීට යලි සේවා දිගුවක්..

 



සීඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.

ඒ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට ලබාදී ඇත්තේ හතර වන සේවා දිගුවයි.

මාස තුන බැගින් සේවා දිගු දෙකක් හා සති තුනක සේවා දිගුවක් මීට පෙර ඒ මහතාට ලබා දී තිබිණි.

ඔහුගේ අවසන් සේවා දිගුව ඊයේ දිනයෙන් අවසන් විය.

ඔහුට අවසන් වරට ලබාදුන් සති තුනක සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබුණු අතර ජනාධිපතිවරයාගේ බලතල අනුව සේවා දිගුව ලබා දුන්නේය.

Post a Comment

0 Comments