සභාපති පන්නන්නැයි සේවකයන් විරෝධතා…

 

මිල්කෝ සමාගමට අයත් නුවරඑළිය අඹේවල හයිලන්ඩ් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කරන වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් පිරිසක් දහවල් ආහාර පැයේදි ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් උද්ඝෝෂණයක නියැලිණ.

මිල්කෝ සමාගම පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති සියල්ල විරෝධතාවයේ නියැලි සිටි අතර ,  මිල්කෝ සමාගම පෞද්ගලිකරණය කිරිම තුලින් සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත තාවය නැතිවීමට රජයේ මුළුමනින්ම වගකිව යුතු බවත් , හිඟ දීමනා ලබා දෙන ලෙසත් , සේවක අවශ්‍යතාවයන්  තේරුම් නොගෙන වෘත්තීය සමිති අරගල ඔස්සේ දිනාගත් වරප්‍රසාද හා දීමනා ලබා නොදීමට කටයුතු කරන වත්මන් සභාපති රේණුක පෙරේරා  මහතා තනතුරෙන් ඉවත් කරන ලෙසට බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් වෘත්ති සමිති සේවක සංගම් නියෝජනය කරන සියළු සේවකයන් උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණයේ නියැලි වෘත්තිය සමිති සමාජිකයන් කියා සිටියේ මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරිම හරහා සේවකයන්ගේ රැකියාවලට ඇතිවන බලපෑම් හා සුරක්ෂිතතාවයක් නොමැති වීම සහ වෘත්තීය සමිති අරගල මගින් දිනාගත් අයිතිවාසිකම් සේවකයන්ට ලබා නොදෙන වත්මන් සභාපති රේණුක පෙරේරා එම ධූරයෙන් ඉවත් කර සේවකයන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්නා නව සභාපතිවරයෙක් පත් කරන ලෙසයි.

පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති සියල්ලම එකතු වෙලා මෙම උද්ඝෝෂණය කරන්න හිතුවේ අපිට තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ,

2022 වසරේ ඉඳන් සේවකයන්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව එවකට රජයෙන් නැවැත්තුවා එම දීමනාව නැවත ලබා දෙන ලෙස කම්කරු අමාත්‍යංශයෙන් වත්මන් සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නත් සභාපතිවරයා එය ලබා දෙන්න සූදානම් නෑ ,

සේවකයන්ගේ සුබසාධනය සේවකයන්ගේ අවශ්‍යතාවයන් ගැන නොහිතන තමන්ගේ වාසි ගැන විතරක් හිතන සභාපතිවරයෙක් අපට අවශ්‍ය නෑ ,

අපිට අවශ්‍ය වන්නේ සේවකයන් ගැන හිතුන බිම් මට්ටමේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න සභාපතිවරයෙක් අපි රජයෙන් ඉල්ලා නොවේ අපිට ඒ වගේ සභාපතිවරයෙක් අපේ ආයතනයට පත් කර දෙන ලෙසයි ,

ඒත් එක්කම අපට බලපාන තවත් ප්‍රශ්නයක් තමයි වැටුප් විෂමතාවය. අපිව අන්දන්න පුංචි ගානකින් වැටුප් වැඩිකරලා ඔන්න අපි වැටුප වැඩි කරා කියලා මාධ්‍ය සන්දර්ශන දාන්නෙ නැතුව අපේ ඉල්ලීම් වලට සරිලන හා තරුණ වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතුයි කියලත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා ,

ඊළඟ විශේෂ දේ තමයි අපේ ආයතනය මේ වන විටත් පෞද්ගලීකරයණය වෙලා ඒ ඔස්සේ අපේ රැකියාවල සුරක්ෂිතතාවයට දැඩි ගැටලුවක් මතුවෙලා තිබෙනවා ,

මේ කරුණ ගැනත් රජය හරි විදිහට හොයල බලලා අපේ රැකියාවලට වගකීමක් ලබා දෙන්න අවශ්‍ය බව ඔවුන් පැවසීය .

Post a Comment

0 Comments