කෝප් සභාපති ඉවත් කරයි...

 


පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ ,වංචා හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශන  කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟතාව පල කර ඇත .

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරුද්ධ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට  තීරණය කළ බව කතානායක මහින්ද යාපා අ⁣බේවර්ධන මහතා පවසා තිබේ.

මේ අතර කෝප් සභාපති සිදුකළා යැයි පවසන ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිළධාරිනිය ලැජ්ජාව නිසා ඒ ගැන දැන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වන බවද කතානායකතුමා පවසා තිබේ.මහාචාර්ය කමටත් නිගාදෙමින්,ටයිකෝට් පැළඳගෙන ,උත්තරීතර යැයි පවසන පාර්ලිමේන්තුව වගෙ තැනක, ඇඟිල්ල කටේ ගසමින්, මෙසේ හැසිරෙන්නේ සල්ලි  නිසාද,හෘදසාක්ෂියක් නැති නිසාද,ලැජ්ජාවක් නැති නිසාද නැත්නම් ඒ සියල්ල නිසාද ?

ලැජ්ජාවක් නැති නිසාද ?

Post a Comment

0 Comments