දාහතර ලක්ෂයක් වන රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම වැටුප් වැඩි කරන්නේ නම් ඒ සඳහා රුපියල් ට‍්‍රිලියන ගණනක මුදලක් අවශ්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එසේ වැටුප් වැඩි කිරිමක් සිදු කිරීමට නම් රාජ්‍ය සේවය සීමා කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.
ආදායම වැඩි කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය යථා තත්ත්වය ගැනීමට නොහැකි බවද පවසන ඔහු වියදම නාස්තිය දෙස අනිවාර්යයෙන් බැලිය යුතු බවත් කියා සිටියි.
රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි වුවහොත් පමණක් හොඳ ආදායම් ලබා ගත හැකි බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
0 Comments