හොරු දිනුම්! රොෂාන් රණසිංහ මාධ්‍යයට පවසයි .

 


ආසියාවේ පාරාදීසය වශයෙන් හැඳින්වුණු මේ රට  අද හොරුන්ගේ පාරාදීසය බවට පත්වී ඇති බවත්,මේ තත්ත්වය වෙනස් කිරීමට මෙතෙක් සියලු මාධ්‍ය ලබාදුන් සහයෝගය මේ දූෂිතයන් එළවන තුරු ඉදිරියටත් බලාපොරොත්තු වන බවත්,බැරිවුනොත් ඊළඟ ජනාධිපතිවරණයේදී හරි එය ඉවර කරන බවත් ජනාධිපති ඔහුව සියලුම ඇමති තනතුරු වලින් ඉවත්කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී පවසන ලදී .

     හොරුන්ට එරෙහිව කටයුතු කරන අයට අත්වන ඉරණම මටද අද උරුම වී ඇති බවත් ,ඇමතිකම් රැකගන්න අනිත් අය වගෙ තමා එහෙයි,එහෙයි කියන අයකු නොවන බවත්,මාව ඉවත්කරන්න ජනාධිපතිට තිබෙන සදාචාරය කුමක්ද කියා තමන් නොදන්නා බවත් ,ඊළඟට එන ඇමති ක්‍රිකට් ආයතනයේ හෝ ක්‍රීඩා සංගම් වල සාක්කුවට නොවැටී කටයුතු කළොත් ක්‍රිකට් හදන්න පුලුවන් වේවි.නැත්නම් ක්‍රිකට් වලට අබසරණයි වශයෙන් පැවසූහ. ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිත් මේ රටේ පුරවැසියෙක් මමත් මේ රටේ පුරවැසියෙක් බවත්, ජනාධිපති කියල අපට ප්‍රශ්නයක් නොමැති බවත් පැවසීය.

Post a Comment

0 Comments