සාගල රත්නායකට STF වාහන හතරක පහක ආරක්‍ෂාවක්…

 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට විශාල ආරක්ෂාවක් යොදවා ඇතැයි ‍ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වාහන හතරක පහක ආරක්ෂාවක් සපයා ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ 134ක් ඡන්දයක් ලබා දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කළේ සාගල රත්නායකලාට එස්ටීඑෆ් වාහන හතරක පහක ආරක්ෂක පරිවාරයක් සමග යාමට නොවන බවද ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසුවේ ය.

තම ජීවිතයට හානියක් සිදු වුවහොත් ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිවයුතු තවදුරටත් එහිදී සඳහන් කළේය.

Post a Comment

0 Comments