අධික වර්ෂාපතනය හේතුවෙන් බඩ ඉරිගු වගාව ආශ්‍රිත රෝගී තත්වයක් පැතිර යමින් ඇතිබව උතුරු මැද පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික අබේසිංහ මහතා පැවසීය.
එම රෝගය කොකුඅංගමාරය සහ කද කුණුවීමේ රෝගය ලෙස හඳුන්වයි.
අනුරාධපුර ,මොණරාගල ,අම්පාර සහ හම්බන්තොට යන ප්‍රදේශ වල බඩ ඉරිගු වගාව ආශ්‍රිතව එම රෝගී තත්වය වාර්තා වන බව පැවසීය.
ඒ හේතුවෙන් මේවන විට අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
0 Comments