නව වැට් බදු සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ හෙට දිනයේ සිට ජංගම දුරකථන වල මිල ගණන් ඉහල දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ජංගම දුරකථනයක මිල 35%කට ආසන ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි සංගමය සභාපති සමිත් සෙනරත් මහතා කියා සිටියේය.
ජංගම දුරකථන මත වැට් බදු අනුපාතය 18%කින් පැනවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවනු ඇති බව ද පැවසූ ඔහු මෙම තත්ත්වයත් සමඟ ජංගම දුරකථන වෙළෙඳපොළ 50%කින් පමණ පසුබෑමක් අපේක්ෂා කරන බවද පැවසීය.
0 Comments