රාගම වෛද්‍ය පීඨයේ සිසු-සිසුවියන් 180 දෙනෙකු හන්තාන කඳු වැටියේ අතරමං වී ඇත.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පිරිස අතර මං සිටින බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සෙවීම සඳහා පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය මත ඔවුන් සමග කිසිදු සන්නිවේදන සබඳතාවයක් ඇති කර ගැනීමට ද හැකියාව ලැබී නැත.
සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙසේ අතරමං වූ පිරිස අතර වෙති.
0 Comments