ලබන පුර පසළොස්වක පොහෝදා සුනාමියක් ඇතිවිය හැකි බවට සමාජ මාධ්‍ය හා ජනතාව අතර පැතිර යන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
අප කල විමසීමේදී වැඩිදුරටත් සදහන් කර සිටියේ සුනාමියක් හෝ භූ කම්පනයක් සිදුවන වේලාවක් හෝ දිනයක් කල් තියා කිසිවෙකුට පැවසිය නොහැකි බවයි.
2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා බලපෑ සුනාමිය සිදුවූයේද එදිනට උදුවප් පුර පසලොස්වක පොහොය යෙදී තිබූ පසුබිමකයි.
මෙවරද උදුවප් පුර පසළොස්වක පොහොය යෙදී ඇත්තේ දෙසැම්බර් 26 වනදාටයි. මේ හේතුවෙන් ජනතාව තුළ මේවන විට බියක් මතුව තිබේ.
යම් හෙයකින් භූ කම්පනයක් සිදුවි සුනාමි තත්වයක් ඇතිවුවහොත් එය කල්තියා දැනගැනීමට හැකි ක්‍රමවේදයක් රටතුළ ඇතිබව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථාන සමග පැය 24 පුරා නිරන්තර අවධානයෙන් පසුවන බව පැවසීය.
ඒ හේතුවෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

0 Comments