රජය ලබාගත් ණයවල පොලිය ගෙවීමට පමණක් බදු ආදායමෙන් 70%ක් වැය වෙනවා ! මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි..



 රජයවල් අනුගමනය කළ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය මත අධික  ණය ගැනීම හේතුවෙන් ලබන වර්ෂයේදී රජයේ මුළු අපේක්ෂිත බදු ආදායමෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් ණය පොලී ගෙවීම සඳහා පමණක්  වැය කිරීමට සිදුවන බවත්,එය රජයේ මුළු අපේක්ෂිත ආදායමෙන් 65% ක් බවත්,එය පෙර 2022 වසරට සාපේක්ෂව 40% ක වර්ධනයක් බවත් පැවසීය. රජය ලබාගෙන ඇති  ණයවල පොලී ගෙවීම සඳහා සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් ලබන වසරේදී රුපියල් 38,753ක් මාසිකව වැය කළයුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන  අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීප පුවත්පතට පවසා තිබේ.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ 2022 වසරේදී පොලිය ගෙවීමට රජය වැයකර තිබුණේ රුපියල් කොටි එක්ලක්ෂ පනස්හයදහස් පන්සියයක මුදලක් බවත්,එය මේ වසරේ රුපියල් කෝටි දෙලක්ෂ දහනමදහස් තුන්සියයක් දක්වා වර්ධනය වන බවත් එය පෙර වර්ෂයට සාපේක්ෂව 40% ක වර්ධනයක් බවත් ඔහු පවසයි.

මෙම සංඛ්‍යා ලේඛණ දෙස බැලීමේදී රටේ පවතින ආර්ථික අර්බූදයේ ගැඹුර වටහා ගැනීමට අපහසුවක් නොමැති බවත් ,මේ හේතුවෙන් ඉදිරියේදී සමාජ අර්බුදයන් උත්සන්න වීමටත්,විවිධ සමාජ අරගල හැම පැත්තෙන්ම වර්ධනය වීම කිසිවෙකුටවත් නතර කළ  නොහැකි බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා lankalnews වෙත පැවසීය .මේ තත්ත්වය තුල සමාජ අරගල මතුවීම වැලැක්වීමට රජය බොහෝ දුරට නුදුරේදීම මැතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවත් ,මැතිවරණ ගුංඩු ලෙස ඉදිරියේදී යම් සහන ප්‍රමාණයක් ජනතාවට ලබාදීමට හැකියාවක් ඇති බවත් ,මොන සහන දුන්නත් මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව දැනටමත් තීන්දු කර අවසන් බවත්,ඒ සඳහා වැඩ පිළිවෙළක් සහිතව මාලිමාව ප්‍රමුඛ සියලු අධිරාජ්‍ය වීරෝධී,වාමාංශික ,ජාතිකවාදී හා ප්‍රගතිශීලී කොටස්  පක්ෂ එක්ව එක සංධානයකින් තරඟ කළ යුතු බවත් වම හා ප්‍රගතිශීලී  බලවේග  බෙදුනොත් එහි වාසිය දක්ෂිණාංශික පක්ෂ විසින් ඩැහැ ගනු ඇතැයි ඔහු වැඩිදුරටත්  පැවසීය ...

Post a Comment

0 Comments