මේ වනවිට රටේ,පාර්ලිමේන්තුව,පළාත් සභා හා පළාත් පාලන ආයතන කියන මහජන ආයතන තුනෙන් දෙකක් වහල දාල.පළාත්සභා වහල දැන් අවුරුදු පහක්. පළාත්පාලන ආයතනත් දැන් වහල ,ස්වාධීන කොමිෂන් සභා සියල්ල බලරහිත කරල . අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසමින් ඉන්නේ .ආණ්ඩුවට විරුද්ධව නියෝගයක් දුන්නම විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව හමුවට ගේනව.මේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට වැදුණු සොහොන් ලකුණක් .රටේ සියලු බලය තනි පුද්ගලයකු අතට ගන්න හදන්නේ .1980 දශකයේ මාම මේ වගෙම වෙනත් ක්‍රමයකින් බලය අතට ගත්ත .පක්ෂ නායකයන්ගේ ප්‍රජා අයිතිය නැති කළා.විනිසුරුවරුන් ගේ ගෙවල්වලට ගල් ගැහුව.පක්ෂ තහනම් කළා.මහදවල් ඡන්ද පෙට්ටි ඉස්සුව.බැලට් එක වෙනුවට බුලට් එක ගන්න තැනට කටයුතු කලා. ප්‍රජාතන්ත්‍රවාදය වළදාල ඉවරකළා.දැනුත් වෙන්නෙ ඒකමයි.මාම කවුද බෑන කවුද කියල හොයාගන්න බැරිතරමට පත්වෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමා මෙම අදහස් පළකලේ අද නිදහස ජනතා සභාව කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ පුරවැසියන් ගේ අයිතිවාසිකම් යටපත් කරල පුරවැසියා යටත් වැසියෙක් කරන්නයි මේ රනිල් හදන්නේ.රාජ්‍ය සේවය කෙරෙහි මිනිස්සු තුල වෛරයක් ඇති කරල රාජ්‍ය සේවය මරන්නයි මේ යන්නේ.මේ ගමන් කරමින් සිටින්නේ ඉතා භයානක තැනකට බව අපි අනතුරු හැඟවීම කරනවා...
0 Comments