හාමුදුරුවනේ හොරුන්ගේ හිසමත කරඬු තැබීම නවත්වන්න.පඩික්කම් වලින් ගහල එළවන්න!! ඉන්ද්‍රජිත් පෙරේරා .සභාපති ස .ල.කො.හි.සංගමය..

 


VAT බද්ද වැඩිකිරීම  නිසා ජංගම දුරකථනයේ සිට සෑම උපාංගයකම මිළ ජනවාරියේ සිට අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් මේවා මිළදී ගන්නේ කොහොමද ? කන්න ,බොන්න වියදම් කළාම මේවා මිළදී ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ.මිනිසුන්ගේ ආදායම් වැඩිවී නෑ .මේ රට පාලනය කරන මේ ආර්ථික ඔස්තාර්ලට මේක තේරුම් ගන්න බැරිද? මුන්ට ඕන මිනිස්සුන්ගෙ බෙල්ල මිරිිකල හරි සල්ලි හොයන එක පමණක් නේද .මේ රට බං⁣කොළොත් වුනේ හොරාකෑමයි,කොමිස් ගැසීමයි නිසා.ඒ දෙක නවත්වන්න මුන්ට මොළේ පෑදෙන්නෙ නැද්ද .ටයි,කෝට් දාගෙන මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල රට වැසියන්ට වැදි බණ කියනව.ඒ නිසා ආගමික නායකයන්ගෙනුත් අපි ඉල්ලනවා ලබන වසරේ සිටවත් මේ පල් හොරුන්ගේ  හිස මත කරඬු තැබීම නවත්වන්න .පඩික්කම් වලින් ගහල එලවන්න.මුන්ට පිරිත් නූල් බඳින එක නවත්වන්න.අපේ

ව්‍යාපාර කඩන් වැටෙනව.හාමුදුරුවනේ .

සමස්ථ ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්⁣ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා ⁣මේ අදහස් පළකළේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

තවදුරටත් ඔහු පැවසුවේ සියලු රටවැසියන්ගෙන් හා සියලු ව්‍යාපාරිකයන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ ජනවාරි 01 වෙනිදා සෑම  නිවසකම කලු කෙඩියක් ඔසවන දිනයක් කරගන්නා ලෙසයි.

Post a Comment

0 Comments