ටිරාන්ගේ චන්ඩි කතාවලට අපි බය නෑ..- අගරදගුරු ප‍්‍රකාශක

 


කතෝලික සභාව ඇමැති ටිරාන් අලස් ගේ චන්ඩි කතාවලට බය වන්නේ නැතැයි කොළඹ අගරදගුරු සන්නිවේදන අධ්‍යක්ෂ ජූඞ් ක්‍රිෂාන්ත ප්‍රියතුමන් සඳහන් කරයි.

රිය අනතුරක් වූ අවස්ථාවක සිරිල් ගාමිණී පියතුමන් හිමියන් ලවා පොලිසියට බලපෑම් කළේ යැයි අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද හෙතෙම කියා සිටී.

ඇමති විසින් කරන ප්‍රකාශය සත්‍ය නම් එය ඔප්පු කරන ලෙස ද අභියෝග කරන බවද පැවසූ ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා පසුගිය කාලයේ සිටම අමාත්‍යවරයා විසින් කතෝලික පල්ලියට හා කාදිනල්තුමන් ඉලක්ක කර දිගින් දිගටම පහර දෙමින් සිටින බවටද චෝදනා කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Post a Comment

0 Comments