ඉමියුනොග්ලොබියුලින් වංචාවට කෙහෙළියව වහාම අත් අඩංගුවට ගන්න... පෙරටුගාමී ස.ප.පුබුදු ජාගොඩ පවසයි .

 



හිමියුනොග්ලොබියුලින් වංචාවට කෙහෙළියව වහාම අත්අඩංගුවට ගතයුතු බවත් ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේකෙදි හැසිරෙන්නේ බබාල වගෙ බවත්,අවම වශයෙන් කෙහෙළියගෙන් තවම ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නැති බවත් ,මෑතකදී දුන්නු ප්‍රකාශය ඔහු CID එක තම නිවසට කැඳවා ලබාදුන් එකක් බව පවසන බවත්,CID එකේ හැසිරීම ගැන ප්‍රශ්නයක් පවතින බවත්  පැවසීය .

⁣මෙම සිද්ධියේ මහ මොළකරු ලෙස සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් හා ජා.ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ගෙන් මේ වන තෙක් ප්‍රකාශයක් හෝ ලබාගෙන නොමැති බවත් බවත් පැවසීය .

වංචාවට  සම්බන්ධ ඖෂධ ආයතනයේ හිමිකරු ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තමා මේ වංචාව කළේ කෙහෙළිය රඹුක්වැල්ල සමඟ කථාකර කර බවයි.එසේම ඔහුගේ නීතිඥයා පැවසුවේ මේ වංචාවේ මහ මොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවයි.එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ තමා අත්සන් කළ සියලු ලේඛන අත්සන් කළේ සෞඛ්‍යය අමාත්‍ය වරයාගේ  නියෝග මත බවයි .පුබුදු ජාගොඩ මෙම අදහස් පළකළේ සමාජ මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවකදී ය.තවදුරටත් ඔහු පැවසුවේ මෙච්චර සාක්ෂි තිබියදීත් CID එක මෙහෙම හැසිරෙන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක්  පවතින බව ඔහු පැවසීය .අංක එකට කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගතයුතු බවත් ,එයට හේතුව මෙය අපරාධයක් බවත් ,මෙයා අතින් අපරාධ ගොඩක් සිදුවුණු බවත් ,බාල බෙහෙත් ⁣ගෙන්වල මිනිසුන්ගේ ඇස් අන්ධ කළ බවත් ,නිර්වින්දන ඖෂධ නිසා  මිනිස්සු මැරුණු බවත් ඒ නිසා පොලිස් ඇමතිට කියන්නේ බයිලා නොගහා මොහු අත්අඩංගුවට ගන්න කියායැයි ඔහු පැවසුවේය.ජනතාවට අපි කියන්නේ මේ වෙනුවෙන් අඛන්ඩව සටන් කරමු...

Post a Comment

0 Comments