මාලිමා ජනාධිපති, ඇමතිලා යන්නේ බස් එකේ.. කෝච්චියේ..

 

වෙනත් රටවල ජනාධිපතිවරුන් හා ඇමතිවරුන් පොදු ප්‍රවාහන සේවාවල සාමාන්‍ය ජනතාව ගමන් කරන ආකාරයට මෙරට තුළ ද වෙනසක් ඇති විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන පලවේග පාලනයක් යටතේ එම සමාජ පරිවර්තනය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

කෑගල්ල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී ජාතික ජන බලවේගය නායකයා ඒ බව කියා සිටියේය.

ජාතික ජන බලවේගය වටා අද සියලු දෙනා එකතු වී සිටින්නේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොව පොදු සමාජ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුවක් වෙනස් වූ පමණින් සමාජ පෙරළියක් සිදු වන්නේ නැති බවත් අද ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් යැයිද හෙතෙම එහිදී තව දුරටත් සදහන් කලේය.

Post a Comment

0 Comments