රෝගාතුර කපුටු පැටියෙකුට ප්‍රතිකාර ලබාදිමට තරුණයන් පිරිසක් ඉදිරිපත් වෙති..

 

රෝගාතුරු වි ඉගිලිමට නොහැකිව ගෙවත්තේ වැටි සිටි කපුටු පැටියෙක් පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කර ප්‍රතිකාර ලබාදිමට හැටන් කාසල්රි ප්‍රදේශයේ පදිංචි ලසන්ත මහතා ඇතුළු පිරිසක් (29) දින කටයුතු කර ඇත.

කාසල්රි ජලාශයට යාබදව පිහිටි ලසන්ත මහතාගේ නිවසේ ගෙවත්තේ බිම වැටි සිටි මෙම කපුටු පැටියා සිව්දිනක් තිස්සේ තම නිවසේදි ආහාර පාන ලබාදි රැක බලාගත් බවත්, කපුටු පැටියාට ඉගිලිමට නොහැකි බව වැටහිමෙන් පසු ලසන්ත මහතා එම කපුටු පැටියා ආරක්ෂිතව හැටන් පශු වෛද්‍යවරයා වෙත රැගෙන විත් ප්‍රතිකාර ලබාදිමට කටයුතු කෙරිණ.

පශු වෛද්‍යවරයා වෙත යොමු කල කපුටු පැටියාගේ පාද දෙකම අනතුරකින් පසු තුවාල වි ඉදිමි ඇති නිසා කපුටු පැටියාට ඉගිලිමට නොහැකි වි ඇති බව පශු වෛද්‍යවරයා විසින් තහවුරු කරගැනිමෙන් පසු පශු වෛද්‍යවරයා විසින් කපුටු පැටියාට ප්‍රතිකාර ලබාදි ඇත.

තවත් දින කිහිපයක් කපුටු පැටියාව ආරක්ෂිතව රැක බලා ගන්නා ලෙසට පශු වෛද්‍යවරයා විසින් උපදෙස් ලබාදි ඇත.

යලිත් කපුටු පැටියා තම නිවස කරා රැගෙන ගිය ලසන්ත මහතා කපුටු පැටියාට සුවය ලැබෙන තෙක් රැක බලාගන්නා බවට වෛද්‍යවරයා වෙත පොරොන්දු විය.

Post a Comment

0 Comments