ඝෝඨාභය එලවන්න බැසිල් කුමන්ත්‍රණය කළා...! දිලිත් ජයවීර කියයි ...

 



ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාව බැසිල් විසින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ඒමත් සමඟ තවත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පැමිණීමට නියමිත ප්‍රබල ව්‍යාපාරිකයකු වන  මව්බිම ජනතා පක්ෂයේ නායක  දිලිප් ජයවීරට මලපැන ඇතැයි වාර්ථාවේ .එයට හේතු වී ඇත්තේ පොහොට්ටුවෙන් කලකිරී ඉවතට යන ජාතිකවාදී ඡන්ද සියල්ල තමන්ට එකතු   කර ගැනීම සඳහා ඔහු දියත් කර තිබූ සැලැස්ම ධම්මික දැමූ නිසා සම්පූර්ණයෙන් අවුල් වී යාම නිසාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රටතුල ආර්ථික අර්බුදයක් ඇතිකර ඝෝඨාභය එලවා දැම්මේ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා වීමේ අරමුණින් බව යි. .එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් අවසානයේ ජනාධිපති වීමෙන් පසුව  පොදුජන පෙරමුණත් , ජාතිකවාදී කඳවුරත් විනාශයට පත් වූ බවත් ,බැසිල්ගේ මේ කුමන්ත්‍රණය හේතුවෙන් පොහොට්ටුවේ අපේක්ෂා භංගත්වයට පත් වූ සාමාජිකයන්  අනුර කුමාර දෙසට ඇදී යමින් පවතින බවත් පැවසීය .

බැසිල් විශ්වාස කළේ නෑ ඔහුගේ සහෝදරයා මේ තනතුරේ තියා ගැනීමට .බැසිල් ට ඕන වුනා  රනිල් ආපු මාවතේම ඇවිල්ල ජනාධිපති වෙන්න .බැසිල් කුමන්ත්‍රණය  කළා.ඝෝඨාභය එලවන දෙසට පාර කැපුවා.එවකට රටේ සිටි මුදල් ඇමති බැසිල් .ඔහු අසීමිත බලයක් තිබුන මුදල් ඇමති වරයෙක්.අරගලයේ සිදුවීම් මාලාව සිදුවනවිට ඔහු මුදල් ඇමති .මේ සිදුවීම් සිද්ධවුනේ මුදල් අමාත්‍යාංශට සම්බන්ධවද නැද්ද ?ගෑස් පෝලිම් ,ප්‍රෙට්‍රල්,ඩීසල් පෝලිම් ඒ ඔක්කොම මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාවන් නිසා වූ දේවල් නොවෙයිද?ඒ නිසා බැසිල් තමයි මේ ආර්ථික අර්බුදයේ නිර්මාපකයා.එයා ජනාධිපති වෙන්නයි මේවා කළේ.යැයි දිලිප් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

මේ අනුව 2024 එළඹීමත් සමඟ හොඳ හොඳ දේශපාලන  සෙල්ලම් ජනතාවට බලා ගත හැකි යයි දේශපාලන විචාරකයකු Lanka L News වෙත පැවසීය .

Post a Comment

0 Comments