ලබාදුන් පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ඨ කරන බවත්, ඉෂ්ඨකළ නොහැකි පොරොන්දු ලබා නොදෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි
සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවලින් අනතුරුවයි
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් අනුව සිදුකරන ලද මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ නියෝඡ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරුන් පිරිසක් ද සහභාගිවී සිටියහ.
මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අලුතින් ඉදිකරන ලද සායන සංකීර්ණ ගොඩනැගිල්ල රෝගී සත්කාර සේවාවන් සදහා එක් කිරීම ද සිදුවිය. මෙම සායන සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 45 කට අධික මුදලක් වැය කර තිබෙන අතර එම ගොඩනැගිල්ලේ බාහිර රෝගී අංශ සායන, හෘද රෝග සායන, උගුර ,කන නාසය පිළිබද සායන, ශ්වසන රෝග සායන, රක්ත ව්‍යාධිවේදී සායන, රත්තවේද සායන පැවැත්වීමට පහසුකම් ඇත.
එමෙන්ම ඇමරිකානු ආධාර වැඩපිළිවෙළ යටතේ (USAID) සංවිධානයේ මුල්‍ය ප්‍රතිපාදන මත ස්ථාපිත කරන ලද liquid oxygen පද්ධතිය රෝගී ප්‍රතිකාර සේවාව සදහා එක් කිරීම ද සිදු විය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් රෝහලේ දැඩි සත්කාර ඒකක, නොමේරු ලදරු ඒකක, ශල්‍යාගාර සදහා ඔක්සිජන් පහසුකම් ලැබෙන අතර දෙවැනි අදියරේ දී සමස්ථ රෝහලේ වාට්ටු ඇතුළුව ඔක්සිජන් අවශ්‍ය වන සියළු අංශ සදහා නළ මාර්ගයෙන් මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය. මේ සදහා එම සංවිධානය රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැය කර ඇත.
රෝහලේ වාට්ටු, ඖෂධාගාර, බාහිර රෝගී අංශ, හදිසි ප්‍රතිකාර අංශ, අධි සත්කාර ඒකක, ඇතුළු අනෙකුත් අංශ වල විශේෂ නිරීක්ෂණයක නිරත වෙමින් රෝගීන්ට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පවතින ගැටලු, ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය ඖෂධ රෝහල තුළ තිබේ ද යන්න පිළිබදව ද පෞද්ගලිකව විමසීම් කලේය.
මෙහිදී, රෝහලේ විවිධ තනතුරුවල කාර්ය මණ්ඩලවලට පවතින නේවාසික පහසුකම් ගැටලුව විසදීම සදහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට ද, රෝහල් සදහා වන තාක්ෂණික උපකරණ, රෝගී පරීක්ෂාවන් සදහා යොදා ගන්නා වෛද්‍ය උපකරණ, රසායනාගාර උපකරණ හා අනෙකුත් ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍යතාවය මත කරන ලද ඉල්ලීම් විසදීම සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සාධනීය ප්‍රතිචාර දැක්වීය.
නාවලපිටිය දිස්ත්‍රික්ක මහ රෝහල සදහා සීටී ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හමුවේ සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ මුදල් අමාත්‍යංශය හා සාකච්ජා කොට මේ ප්‍රදේශයේ ජනතාවට විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට එම ඉල්ලීම කඩිනමින් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ,
“ලෝකයේ කිසිම රටකට සමකල නොහැකි විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක වන බවත්, ඒ බව දැඩිව වැටහෙන්නේ විදේශ රටකට ගිය විට බවත්ය. අපේ සෞඛ්‍ය දර්ශක අනුව ආසියානු කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාව සපයන රට ශ්‍රී ලංකාව බවත්, රටක තාක්ෂණික වශයෙන් එම සේවාව අගයන්නේ සෞඛ්‍ය දර්ශක හරහා බව ද කියා සිටියේය.
මෙරට සෞඛ්‍ය සේවාව මෙැවනි විශිෂ්ට අන්දමින් පවත්වා ගෙන යාමට හැකිවී තිබෙන්නේ අපේ සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීම නිසා බවත්, අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් දිනකට රෝගීන් 50 ක් 100 ක් පැමිණියත් ඒ සියලු දෙනාට ප්‍රතිකාර සිදු කරන බවත්, එංගලන්තය වැනි රටක විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැසීමට වසරකට ආසන්න කාලයක් බලා සිටීමට සිදු වන බවත් අවධාරණය කර සිටියේය.”

0 Comments