මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉඩෙයිකාට්ටු ප්‍රදේශයේ රක්ෂිතයක මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනාගාර දෙකක් වටලා නීතිවිරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒහි නිලධාරීන් පිරිසක් ඉඩෙයිකාට්ටු රක්ෂිතයේ සිදුකරන ලද සෝදිසි වැටලීමකදී මෙම නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනාගාර දෙක සොයාගනු ලැබීය.
රක්ෂිතයේ ස්ථාන දෙකක මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කර ඇති අතර ඒහිදී ඒම ස්ථානයේ සිටි ඒක් සැකකරුවෙකුද සමගින් නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ රැසක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ් අතර නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය සඳහා යොදාගන්නා බැරල් 14 ක්, ගොඩා ලීටර් 810 ක් සහ නීතිවිරෝධී මත්පැන් ලීටර් 60 ක් ද තිබී ඇති අතර ඒම නීතිවිරෝධී මත්පැන් සියල්ලක්ම විනාශ කිරීමට පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු පුදුකුඩිඉරිප්පු පදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
0 Comments