ස.ජ.බ ප්‍රතිපත්ති පිළිගන්නා පක්ෂ සමග සංධානය ජනවාරියේ ....



ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගෙන ජනවාරි මාසයේදී   තවත් පක්ෂ 20 ක් සමඟ නව දේශපාලන සංවිධානයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි .ඔහු පවසා ඇත්තේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිගන්නා දේශපාලන  පක්ෂ හා සංවිධාන පමණක් නව සංවිධානයට එක්කර ගැනීමට දැනටමත් තීන්දුවක්  ගෙන ඇති බවයි .
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රධාන පක්ෂ 20 ට අමතරව තවත් සංවිධාන ගණනාවක් ස.ජ.බ.ට සහාය  දීමට තීරණය කර ඇති බවත් ,සංධානය  සමඟ එක්වන සියලු පක්ෂ හා සංවිධාන සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි .
මේ පිළිබඳව Lanka L News වෙත වි⁣ශේෂ ප්‍රකාශයක් කළ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා පැවසුවේ ලංකාවේ අද දේශපාලයේ ප්‍රධාන බෙදුම් රේඛාව IMF පිළිබඳ ප්‍රශ්නය බවත් ,සජබ ද IMF ප්‍රතිපත්තිය පිළිගන්නා බවට දැනටමත් එහි නායකයන් පිළිගෙන ඇති තත්වයක් තුළ,මේ රටේ වාමාංශික හා ප්‍රගතිශීලී පක්ෂ තේරුම් ගත යුත්තේ , ජනතාව හා රට තවත් අගාධයට ගෙනියන IMFමාවතේ යනවාද? නැත්නම් ජනතාවාදී මාවතකින් විසඳුම් සොයන විපක්ෂ බලවේග එක්කර මෙහෙය වනවාද? යන බරපතල තීරණාත්මක ප්‍රශ්නයට උර දෙන්නේද යන්නයි...

Post a Comment

0 Comments