2024 වසරේදී පැවැත්වෙන ජාතික මැතිවරණ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
එය අනුව ඊට අදාළ වන මූලික සාකච්ඡා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුන්, මාධ්‍ය අංශ ප‍්‍රධානීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
එහිදී මාධ්‍ය ප්‍රචාරක කටයුතු ඵලදායි ලෙස යොදා ගනු ලබන ආකාරය පිළිබඳව සාකච්ඡා වී ඇත.
සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට දැඩි අවධානයක් යොමු කරන ලෙස එම නිලධාරින් විසින් ප‍්‍රකාශ කර තිබේ.
දැනටමත් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවල සිදුවන අඩුපාඩු පිළිබඳවද අවධානය යොමු වී අතර එම අව අඩුපාඩු මගහරවාගෙන යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරගැනීමටද සාකච්ඡාද පවත්වා තිබේ.
0 Comments