ලොකු ගණනකින් ගෑස් මිල ඉහලට..

 

නව වැට් බදු සංශෝධන සමඟින් ජනවාරි මස පලමුවෙනිදා සිට ගෑස් මිල ඉහ යාමට නියමිතව තිබේ.

ඒ ගෑස් සඳහා වැට් බද්ද අලුතින් එකතු වීම හේතුවෙනි.

නමුත් ගෑස් සඳහා මෙතෙක් අය කළ වරාය හා ගුවන් සේවා බද්ධ 2.5%ක ප්‍රමාණය ඉවත් කර තිබේ.

ඒ අනුව 15.5කින් ගෑස් මිල ඉහළ නැගීමට නියමිතව ඇත.

නව බදු ප්‍රතිශතය එකතු වීමත් සමග ලිත්රෝ ගෑස් සමාගමේ කිලෝ ග්‍රෑම් දොළහමාරක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500ක පමණ මිලකින් ඉහළ යාමට නියමිතව තිබේ.

මේ වන විට එම ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3565ක මිලකටය.

Post a Comment

0 Comments