ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික K.D.ලාල්කාන්ත සහෝදරයා පසුගිය කාලයේ මාලිමාව මුල්වූ වමේ පුළුල් සංධානයක් හැදීම පිළිබඳවත් ,තම පක්ෂයෙන් සිදුවූ වැරදි පිළිබඳව ස්වයං විවේචනයක් කළ යුතු බවටත්, සිදුකළ ආන්දෝලාත්මක ප්‍රකාශ හේතුවෙන් ඒවා පක්ෂයට අවාසි සහගත ලෙස බලපා ඇති බවට ඔහුට දැනුම්දීම හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන ආසන බල මණ්ඩල රැස්වීම් වල කතාකිරීම නවතා දමා ඇතැයි වාර්ථාවේ.
පසුගියදා විහාරමහා දේවී උද්‍යානයේ පැවති කම්කරු සමුළුවකදී ඔහු පවසා තිබුණේ දක්ෂිණාංශික බලවේග බන්දේසියක තබා වමට බලය නොදෙන බවත්,වමට බලය ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවත් .ඒ නිසා එකතු කළ හැකි සියලු බලවේග එක පෙරමුණකට රැගෙන ආ යුතු බවත් .ලසසප,කො.ප ඇතුළු සියලු ජාතිකවාදී හා ප්‍රගතිශීලී කොටස් එකතු කළ යුතු බවයි.
එසේම දක්ෂිණාංශික හා IMF විරෝධී බලවේගයට නායකත්වය දීම මේ මොහොතේ පැවරී ඇත්තේ මාලිමාවට බවත්,ඒ සඳහා ජවිපෙ ට ආරාධනය කරන බවට වාසුදේව සහෝදරයා සිදුකළ ප්‍රකාශයකට ලාල්කාන්ත ලබාදුන් යහපත් ප්‍රතිචාරයටත් ,අනෙකුත් දේශපාලනඟ්‍රයන්ට සේම ජවිපෙ ටත් වැරදි සිදුවී ඇති බවට කළ ප්‍රකාශයත් හේතුවෙන් ඒවා පක්ෂයට හානි වන බවට දැනුම්දීමත් සමඟ ඔහුට මෙම සමුළු ඇමතීමේ තහනම දමා ඇති බව වාර්ථාවේ.මේ පිළිබඳව අදහස් දැක්වූ පරිණත වාමාංශික නායකයකු පැවසුවේ ලාල්කාන්තගේ ස්ථාවරය නිවැරැදි බවත්,එවැනි පුළුල් වාමාංශික එකතුවක් වැඩ පිළිවෙලක් උඩ ගොඩනැගුවහොත් 69ලක්ෂයේ බහුතරයගේ ඡන්ද එම පෙරමුණට ලබා ගත හැකි බවත් ,එසේ නොවුන හොත් දක්ෂිණාංශික බලවේග වල කුමන්ත්‍රණය ට නැවත වම හසුවෙන බවයි.


0 Comments