පොලිස් ඇමතිගේ පුතා මාර්ග නීති කඩයි.. ඔහු වරද පිලිගනී.. පොලිසියෙන් පගාව ඉල්ලයි..

 

පසුගිය සෙනසුරාදා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා මහනුවර බලා පිටත්ව ගොස් තිබිණ.ඉන් අනතුරුව ගලගෙදරදී තුන්රෝද රථයක් ඉස්සර කරන්නට ගොස් ඔහු අතින් සුදු ඉර කැපී තිබිණි.වහාම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම වාහනය නතර කරනු ලැබීය.

මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිලිගත් අතර පොලිස් නිලධාරීන් දෙදෙනාද රියදුරු බලපත්‍රය ලබාගෙන දඩ කොලයක් ලියන්නට විය.

මෙහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොලය ගෙවීමට ඇති ආසන්නතම තැපැල් කාර්‍යාලය පිලිබදව විමසා සිටි අතර පොලිස් නිලධාරීන්ද ආසන්නතම තැපැල් කාර්‍යාලය පිලිබදව විස්තර ලබා දුන්හ.

‘දඩ ගෙවන්න මහන්සි වෙන්න ඕන නෑ අපිට උදව්වක් කරලා යන්න පුළුවන්’ යැයි දඩ කොලය ලියමින් සිටි පොලිස් නිලධාරියා පවසා ඇත.

මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා පවසා ඇත්තේ ත්මා වරදක් කර ඇති හෙයින් දඩ කොලය ලබාදෙන ලෙසයි. තමා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ පුත්‍රයා බවත් මෙහිදී පවසන ලදී.

මෙහිදී කලබලයට පත් පොලිස් නිලධාරීන් විමසා සිටියේ ඇයි කලින් නොකිව්වේ කියාය.

තමා වරදක් කර ඇති හෙයින් තමා කවුද යන්න අදුන්වාදීම අනවශ්‍යබව ටිරාන් ඇමතිවරයාගේ පුත්‍රයා නැවත පැවසීය.

කෙසේ හෝ මෙම නිලධාරීන් දෙදෙනා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයාගෙන් රුපියල් 1100 ක් මුදලක් ඉල්ලාගෙන පොලිස් යතුරුපැදියෙන්ම ගොස් දඩය ගෙවා රිසිට්පත හා ‍රියදුරු බලපත්‍ර ලබාදී ඇත.

Post a Comment

0 Comments