අද ශ්‍රී ලංකාවේ ඇති තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් ඕනෑම බොරුවක් සමාජගත කිරීමේ හැකියාව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එවන් වල්බූරු නිදහසක් නැති නිසා චීනය වැනි රටවල් දියුණුවට පත්ව සිටින බවද හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කිරීමට විවිධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල බොරු අපහාස කරන සමාජ මාධ්‍යවලට ඉඩ ඉඩක් නැති බවද හෙතෙම කියා සිටී.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයක් අමතමිනි.
0 Comments