සජිත් බිසි.. නුවරඑලියට අන්තර්ජාලයෙන් එයි..

 


ඉදිරි වසර තුල පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණය , මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සැකසුම් සකස් කිරීමේ සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරනන “ජවය” දීප ව්‍යාප්ත වැඩසටන් මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන (23) දින නුවරඑළිය නව නගර ශාලාවේදී පැවැත්විණ.

සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසන සංවිධායක දිනේෂ් ලංකා ගීගනගේ මහතාගේ සංවිධානයෙන් පැවැති මෙම වැඩසටහන සමගි ජන බලවේගය පක්ශයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා , ජනාධිපති මැතිවරණය මෙහෙයුම් ප්‍රධානි සුජීව සේරසිංහ , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම අවස්ථාව සදහා ආසන සංවිධායකවරුන් , පළාත් පාලන මැතිවරණය සදහා අපෙක්ෂකයන් ලෙස තරග වැදීමට නියමිත අය  පමණක් සහභාගි විය.

මෙම වැඩසටහන සමග විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝ තාක්ශනයෙන් එක්වී වැඩසටහනට සහභාගි වූ පිරිස ඇමතිය.


Post a Comment

0 Comments